අද කතා කරන්න යන්නේ අපේ රටේ ගොඩක් ජනප්‍රිය, අඩු මුදලකට ගන්න පුළුවන්, ඒ වගේම හොඳට සැප පහසුව තියෙන SsangYong Rexton (RX270xdi) කියන SUV රථය ගැනයි.

කොරියාවේ නිෂ්පාදිත SUV එකක් වන Rexton එක දැනට මාදිලි 04 ක් ඇවිල්ලා තියෙනවා.

  1. Rexton I (2001 – 2006)
  2. Rexton II (first facelift) (2006 – 2012)
  3. Rexton W (second facelift) (2012 – 2017)
  4. Rexton G4 (2017 to present)

මේ මාදිලිවලින් මන් කතා කරන්න යන්නේ Rexton II (RX270xdi) model එක ගැන. මේ වාහනය 2,700cc Turbo / 4×4 / 7 seater වගේම offroad යන්න පුළුවන් හොඳ ground clearance එකකුත් තියෙන SUV එකක්. ඒ වගේම Mercedes-Benz තාක්ෂණය එකතු කරලා හදපු common rail engine එකක් සහ gearbox එකක් තමයි තියෙන්නේ. ඒක අත්තක් කියලා ඔප්පු කරන්නද කොහෙද engine එකේ Mercedes-Benz කියලා ගහලත් තියෙනවා. ලංකාවේ තියෙන අනිත් SUV එක්ක බැලුවම මිලෙන් අඩුයි. ඒ වගේම ලස්සන Body shape එකකුත් තියෙනවා. ඉතින් ලංකාවේ තියෙන අනිත් SUV එක්ක හොඳ තරගයක් දෙන්න පුළුවන් SUV එකක් තමයි මේ Rexton එක. SsangYong වාහන ලංකාවට එන්නේ IDEAL ආයතනයක් හරහා සහ SsangYong වාහන ලංකාවේ එකලස් කරන MIcro ආයතනය හරහා පමණයි.

Service

මන් ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ වාහනයක් පාවිච්චි කරද්දී එන ප්‍රධාන මුල්‍යමය ප්‍රශ්නයක් වෙන Service එක ගැන. මේ වාහනයේ Service එකට උපරිම රු. 15,000 ක් විතර යනවා. (Engine oil / oil filter / Air filter / AC filter) engine oil 8.5 L අවශ්‍ය වෙනවා. Normal oil දාන නිසා 5,000 km වලින් service කරන්න ඕන. Synthetic oil දානවා නම් 15,000 km ගිහින් Service කලාම හරි. Service එක ඒජන්ත ආයතනයෙන්ම කර ගන්න පුළුවන් වගේම, හැම දිස්ත්‍රික්කයකම වගේ තියෙන අනුමත සේවා ස්ථානයකින් service එක කර ගන්න පුළුවන්. Warranty period එක ඉවර නම් තමන් කැමති තැනකින් පුළුවන්.

Spare Parts

SsangYong වාහන ගැන කතා කරද්දී එන එක ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේක. කලින් spare parts ගැන ලොකු ගැටළුවක් තිබුනට දැන් ඒ ගැටලුව ටිකක් දුරට අඩු වෙලා. මොකද ලංකාවේ ගොඩක් තරුණයෝ රැකියාව සඳහා කොරියාවේ ගිය නිසා දැන් එයාලා ව්‍යාපාර විදිහට කොරියන් වාහන වල spare parts ලංකාවට ගේනවා. ඒක නිසා දැන් ලංකාවේ හැම තැනම කොරියන් වාහන වල Recondition spare parts හොයා ගන්න පුළුවන්. ඒ වගේම දැන් හැම ප්‍රධාන නගරයකම තියෙන ප්‍රධාන spare parts කඩවල SsangYong වාහන වල Brand new spare parts තියෙනවා වගේම ඒජන්ත ආයතනයෙත් තියෙනවා.

ඉන්ධන කාර්යක්ෂමතාව

RX270xdi එක 2,700cc Turbo engine එකක් නිසා නගරයේ ධාවනයේ දී 08km ක් ද, දුර ධාවනයේ දි ලීටරයට 10km ක් වගේම Highway එකේ 12km ක් වගේ තෙල් කරනවා. මේ ගණන් හිලව් AC දා ගෙන යන වෙලාවට. ඒ වගේම මේ වාහනයට අනිවාර්යෙන්ම Super Diesel ගහන්න ඕන. නැත්තන් අනිවාර්යෙන්ම Injector ප්‍රශ්න වගේම කළු දුම එනවා. 

තාක්ෂණ ශිල්පීන්

කොරියන් වාහන ගැන දන්න තාක්ෂණ ශිල්පීන්ගේ අඩුවක් තිබීම අවාසියක් විදිහට මට කියන්න පුළුවන්. කොළඹ, ගම්පහ නගර ආසන්නව දක්ෂ තාක්ෂණ ශිල්පීන් විශාල ප්රීමාණයක් හිටියත් අඩු පාඩුවක් විදිහට දකින දෙයක් තමයි ඈත පළාත් වලට වෙන්න කොරියන් සම්බන්ධව දැනුම තියෙන තාක්ෂණ ශිල්පීන්ගේ අඩුව. හැබැයි මන් මේ කතා කරන්නේ hose damage වගේ පොඩි වැඩක් නෙමෙයි. Engine එකේ වගේ ලොකු ප්රවශ්නයක් ආවොත්. ඒ වගේම මේ තාක්ෂණ ශිල්පීන්ගේ අඩුව නිසා ඉන්න සමහර තාක්ෂණ ශිල්පීන් එකෙන් වාසිය අරගෙන වැඩ වලට හිතු හිතු විදිහට මුදල් ගන්නවා. දිගටම එකම තාක්ෂණ ශිල්පියෙක් තියා ගත්තොත් සහ වාහනය ගැන අවධානයෙන් හිටියොත් ඒ රැවටීම් වලින් ගැලවෙන්න පුළුවන්.

ඇතුලත නිමාව

ජපන්, ජර්මන්, බ්‍රිතාන්‍ය, ඇමෙරිකන් වල වාහන වගේම හොඳ ඇතුලත උපාංග නිමාවක් මේ වාහනයේ තියෙනවා. Hard plastic වලින් හා carbon fiber වලින් ඇතුලත උපාංග නිමවා තියෙනවා. Leather seat වාහනයේ තියෙන්නේ. සැප පහසුව උපරිමයි. ඒ වගේම හොඳ සැප පහසුවට හොඳ උස මහත 07 දෙනෙකුට ගමන් කරන්න පුළුවන්. හැබැයි leather seat නිසා ලංකාව වගේ රස්නේ රටකට ටිකක් අමාරුයි. දවල්ට ටික වෙලාවක් අව්වේ නවත්තලා තියලා ඇතුලට ආවම හොඳටම රත්වෙලා. AC එක දාන්න ඕන Full. ඒ වගේම 3rd Row එක සඳහාද AC පහසුකම තියෙන නිසා පස්සෙම ඉන්න අය තැම්බෙන්නේ නෑ. ඒ වගේම තමයි ඒකෙ අනිත් පැත්තටත්. පිට පරිසරයේ රස්නේ නැති වේලාවන් වලදී වාහනේ ඇතුල cool කරන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. ඒ වගේම cool වුනාට පස්සේ Leather seat නිසා ලොකු cool එකක් දැනෙනවා. Cup holder හැම තැනම සහ Lighter 03 ක් තියෙනවා. ඉස්සරහා 02 ක් සහ පිටිපස්සෙම එකක් විදිහට.

ආරක්ෂාව

රියදුරු සහ ඉස්සරහා මගියා සඳහා Air Bag සහ පැති Air Bag තියෙනවා. පිටි පස්සේ මඟින්ට නම් Air Bag නෑ. ESP / EBD / Brake Assist / HDC / ABS / Seat Belt සහ ආරක්ෂාව සඳහා තවත් උපාංග තියෙනවා. Speed එක නම් මන් ගිහින් තියෙන්නේ උපරිමය 120 km/h ට සහ මන් දැක්කා ලංකාවේ අය youtube එකේ video දාලා තිබුනා 180 km/h වලට ගිහින්. Speed යද්දී වාහනය හොඳටම control. කිසිම ගස්සිමක්, දෙදරීමක් නෑ.
ආවේනික ලෙඩ Leather seat නිසා seat ඇතිල්ලෙන ගතියක් දැනෙනවා. ඊට අමතරව කියන්න තරම් common repairs නෑ. තව ගොඩක් අය කියන්නේ කළු දුම ගැන. ඒ quality නැති diesel වලින් injectors වලට හානි වුනාම තමයි. SsangYong Rexton (RX270xdi) එක ගැන තව මොනවා හරි දැන ගන්න තියෙනවා නම් contact us එකෙන් මගේ details අරගෙන මට කථා කරන්න. 

ජය වේවා.!

2 thoughts on “ගන්න මුදලට වැඩිය වටින සුපිරිම SUV එක. SsangYong Rexton (RX270xdi)

  1. Hello I would like to ask a question. I own a ssangyong rexton from 2004 and I don’t know how to dim or bright the dashboard. I already tried pressing and holding and it doesn’t work. Any tips? Thank you

    Like

  2. If you can’t do that pressing & holding meter panel stick, haven’t any tips. sorry. let’s try to find something searching on the google.

    Like

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.