වාහනයක් තියෙන කෙනෙක් 5,000 km හෝ මාස 06 කට සැරයක් හෝ වාහනයේ Service එක කරන්න ඕන. සමහර අය නම් Service Station එකට ගිහින් දාලා Rest Area එකට වෙලා හොඳට නිදා ගෙන ඉඳලා වාහනේ අරගෙන ගෙදර එනවා. වාහනේට දාන Engine oil එක මොකද්ද කියලාවත් දන්නේ නෑ. තමන්ගේ වාහනේට ආදරේ කෙනෙක් නම් කවදාවත් ඔය දේ කරන්නේ නෑ. තමන්ගේ වාහනේට දාන ඇණේ ගැන පවා දැන ගෙන ඉන්න ඕන.

හරි. එහෙම නම් මම අද කියලා දෙන්න යන්නේ වාහනයට අදාළ Engine oil වර්ගීකරණය තේරුම් ගන්න විදිහ සහ ඔයාගේ වාහනයට දාන්න හොඳම Engine oil එක තෝර ගන්නේ කොහොමද කියලා. එතකොට ඔයාට පුළුවන් Service Station එකට කැමති oil එක දාන්නේ නැතුව ඔයාගේ වාහනේ Engine එකේ ආයු කාලය වැඩි කර ගන්න පුළුවන් හොඳ oil එකක් තොර ගන්න.

Engine oil වර්ගීකරණය.

ඔයාලාට ඇහිලා ඇති ගොඩක් අය කියනවා “ මගේ වාහනයට දාන්නේ 0W-40 Engine oil එක.” එහෙමත් නැත්තන් “ 15W-50 ” කියලා. මොකද්ද මේ ඉලක්කන් ටික. උදාහරණයකට මම මගේ වාහනයට දාන 15W-40 Engine oil එක අරගෙන ඒක විස්තර කරන්නම්.

*** (වාහනයට අවශ්‍ය Engine oil වර්ගීකරණය තීරණය කරන්නේ වාහනයේ නිෂ්පාදිතයා පමණයි. වෙන කිසිම කෙනෙක්ට ඒක තීරණය කරන්න බෑ. ඒක නිසා වාහනයේ Service Manual එකේ තියෙන Engine oil වර්ගීකරණය නැතුව වෙන කෙනෙක් කියන නිසා වෙන එකක් දාන්න එපා.) ***

15W – 40

15W කියන්නේ -15 (°C) උෂ්ණත්වය වෙනකන් oil එකේ දුෂ්රාවිතාවය වෙනස් නොවෙන බව සහ W කියන්නේ Winter Grade කියන එක. දුෂ්රාවිතාවය කියන එක තවත් පැහැදිලි කලොත් oil වල තියෙන ඝනත්වය සහ ඇලෙන සුළු ගතිය. ඒ කියන්නේ පරිසරය උෂ්ණත්වය -15 (°C) වෙනකන් අඩු වුනත් Engine oil වලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියන එක. දැන් 40 කියන එක බලමු. 40 තමයි වාහනය ධාවන උෂ්ණත්වයේ දී Engine oil එකේ දුෂ්රාවිතාවය එහෙමත් නැත්තන් ඝනත්වය සහ ඇලෙන සුළු ගතිය මනින අගය. වාහනය නියමිත කාලයෙදී Service කරන්නේ නැතුව ගොඩක් දිව්වම වෙන්නේ Engine oil වල ඝනත්වය සහ ඇලෙන සුළු ගතිය නැතිවෙලා කළු තෙල් වගේ වෙන එක. සමහරවිට ඔයාට ඇහිලා ඇති Technician ලා කියනවා ” Engine oil කලු තෙල් වගේ වෙලා “ කියලා. දැන් නම් ඔයාට හොඳටම තේරෙනවා ඇති 15W-40 කියන එකේ තේරුම.

හොඳම Engine Oil එක

දැන් අපි බලමු අපේ වාහනයට අපි දාන oil එක කොහොමද තොර ගන්නේ කියලා. කඩේට ගිහින් බැලුවම එක එක ජාතියේ oil වර්ග ගොඩාක් කඩේ තියෙනවා. Internet එකේ Search කරලා Ratings වැඩි හෝ ඔයා කැමති Brand එකක් තෝර ගන්න. මම උදාහරණයකටත් එක්ක මම දාන Mobil Brand එක අරගෙන විස්තර කරන්නම්.

Mobil Brand එකෙන් 15W-40 වර්ගීකරණයට Engine oil ජාති 04 ක් එනවා. දැන් කොහොමද මෙතනින් හොඳම එක තෝර ගන්නේ. කෝකද හොඳම එක.?

01. Mobil Delvac MX ESP (API Grade CJ-4)
02. Mobil Delvac MX (API Grade CI-4)
03. Mobil Delvac 1400 (API Grade CH-4)
04. Mobil Delvac 1300 (API Grade CG-4)

වර්ග 04 ක් තියෙනවා මදිවට තව API Grade කියලා එකකුත් තියෙනවා. මොකද්ද මේ API Grade එක කියන්නේ. ප්‍රශ්න මදිවට ප්‍රශ්න. උදාහරණයකට Mobil Delvac MX එකේ ගහලා තියෙන CJ-4 කියන API අගය ගමු.

CI-4

C – Diesel Engine
C කියන්නේ Diesel Engine වලට හදපු oil වෙන් කරන්න දීලා තියෙන අකුර. ( Petrol Engine වලට “ S ” අකුර තියෙන්නේ.)

J – Grade
පරීක්‍ෂණ සහ වැඩි දියුණු කරලා ඉංග්‍රිසි හෝඩියේ පිළිවෙලට A සිට Z වෙනකන් තමයි මේ Grade එක දෙන්නේ.

4 – 4 Stroke Engine
Grade එකේ අන්තිමට තියෙන අංකයෙන් තමයි Engine එකේ තියෙන Stroke ප්‍රමාණය අනුව ගැලපෙන oil එක තොර ගන්නේ.

මේ තියෙන්නේ 2017 වෙනකන් පරීක්‍ෂණ කරලා තාක්‍ෂණය සහ ගුණාත්මක භාවය වැඩිදියුණු කරලා හදපු oil වලට දීපු API අගයයන්,

ඉතින්, මේ API අගයේ තියෙන පරීක්‍ෂණ සහ වැඩි දියුණු කරලා දීලා තියෙන ඉංග්‍රිසි අකුරත් එක්ක හොඳම Engine oil එක වෙන්නේ ඉංග්‍රිසි අකුර වැඩිම එක. ඒක අවුරුද්ද අනුවත් අලුත්. මොකද API අගයේ Grade එකට අදාළ ඉංග්‍රීසි අකුර වැඩි වෙද්දී ඒ oil එකේ තාක්‍ෂණය සහ ගුණාත්මක භාවයත් වැඩි වෙන නිසා. ඉතින්, Engine oil Brand එක ඔයා කැමති එකක් තීරණය කරලා ඉහළම API අගයක තියෙන Engine oil එකක් දැම්මම තමයි ඔයාගේ වාහනයේ Engine එකේ ආයු කාලය වැඩි වෙන්නේ.

ජය වේවා.!

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.